සජින් වාස්ගේ මුදල් විශුද්ධිකරණ නඩු විභාගයට දින නියමවේ

නොවැ 01, 2019

    මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩු විභාගය පෙබරවාරි මස 25 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණ අද නියම කළේය.

    එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවනු ලැබිණ.

    එහිදී විනිසුරුවරයා නියම කළේ නඩුව පෙබරවාරි මස 25 වනදා විභාගයට ගන්නා බවයි.

    සජින් වාස් ගුණවර්ධන මහතා පසුගිය රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරමින් රුපියල් කෝටි 30 කට අධික මුදලක් උපයා ගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.

    Latest News