අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනයට දැඩි පියවර ගන්න - ජනපති

නොවැ 28, 2018

    අපරාධ, පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය සඳහා දැඩි පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ අංශවලට උපදෙස් දී තිබේ.

    ඒ, ජනාධිපති කාර්යාලයේ ඊයේ සවස පැවති සාකච්ජාවකදීයි. මත්ද්‍රව්‍ය පාලනය, අපරාධ මර්දනය සහ රථවාහන අනතුරු අවම කිරීම පිළිබඳ පනත් කෙටුම්පත් සංශෝධනයට අදාළව සාකච්ජාව පැවැත්වුණි. අදාළ නීතිමය සංශෝධනය කඩිනම් කරමින් නිලධාරීන්ට අවශ්‍ය බලතල පවරාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කලේය.

    මත්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් පොලීසියේ හා ත්‍රිවිධ හමුදාවේ සහය ඇතිව ක්‍රියාත්මක කරන ඇති විශේෂ වැඩපිළිවෙළට අදාළ නීති සම්පාදනයේ ප්‍රගතිය ද මෙහි දී විමර්ශනයට ලක් කෙරිණ.

    නීති විරෝධී මත්පැන් හා මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව සැකකරුවන්ට නඩු පැවරීමේ දී පවතින බාධාවන් ඉවත්කර ගැනීමේ කටයුතුවල ප්‍රගතිය ද ජනාධිපතිතුමා විමසා බැලීය. ඒ පිළිබඳ වාර්තාව ඉදිරි සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළ දඩ මුදල් සංශෝධනය පිළිබඳ සාකච්ජා කෙරුණි.

     

     

    Latest News