ෆවුසිගේ කතාව විකෘති කළ හිරු නාලිකාවට එරෙහිව නීතිපියවර

ඔක් 25, 2019

    එක්සත් ජාතික පෙරමුණේ, කොළඹ දිස්ත්‍රික් මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදී තමා කළ ප්‍රකාශයක් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් විසින් විකෘති කර විකාශය කළ බව, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා චෝදනා කරයි.

    ඒ සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළ කරන ෆවුසි මහතා කොළඹ අද මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියේ, අදාළ මාධ්‍ය ආයතනයට එරෙහිව නෛතික පියවර ගැනීමට කටයුතු කරන බවයි.

    එහිදී අදහස් දැක්වූ ඒ.එච්.එම්. ෆවුසි මහතා..

    “ඒ රැස්වීමේදී මම කිව්වා ගෝඨාභය රාජපක්‍ෂ පැරුද්දුවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ආරක්‍ෂා වෙනවා. කැත විධියට හිරු නාලිකාවෙන් ඒක විකෘති කරලා කියලා තියෙනවා මම කිව්වලු ගෝඨාභය රාජපක්‍ෂව මරන්න ඕනේ කියලා. ගෝඨාභය රාජපක්‍ෂ මට හරියට සලකනවා. රාජපක්‍ෂ පවුල අපේ පවුලත් එක්ක හරි සම්බන්ධයි. මම මැතිවරණයේදී කොයි තරම් සම්බන්ධයක් තිබුණත් ගෝඨාභය රාජපක්‍ෂට උදව් කරන්න ගියේ නැහැ ජාතිවාදින්, අන්තවාදීන්, ආගම්වාදීන් ඒ කණ්ඩායමට එකතු වෙලා තියෙන නිසා. මගේ මේ දේශපාලන ජිවිතය විනාශ කරන්න හිරු කරපු මේ වැරදි වැඩට මම නිකං ඉන්නේ නැහැ මම උසාවි යනවා“ ෆවුසි මහතා පැවසීය.

    පාර්ලිමේන්ත මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි මහතා ඊයේ කළ ප්‍රකාශය ජාතික රූපවාහිනි ප්‍රවෘත්ති මගින් විකාශය කෙරුණු ආකාරයයි මේ.

    ඒ.එච්.එම්. ෆවුසි මහතා....

    “ජනාධිපතිතුමා තීරණයක් අරගෙන නැහැ හතර පස් දෙනෙක් එකතු වෙලා තීරණය කළා ගෝඨාභය රාජපක්‍ෂට ආධාර කරන්න ඕනේ කියලා. අපේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සාමාජිකයන්ට කියනවා ඒ පක්‍ෂයේ ආරක්‍ෂාව කරන්න ඕනේ නම් අපේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සියලු දෙනාම ගෝඨාභය රාජපක්‍ෂව පන්නන්න ඕනේ කියලා මම කියනවා“ යැයි ෆවුසි මහතා පැවසීය.

    “ මේ සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය මංගල සමරවීර මහතා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහාත වෙත විශේෂ ලිපියක් යොමු කර තිබෙනවා. එමගින් ඉල්ලා ඇත්තේ, අදාළ පෞද්ගලික නාලිකාව දිගින් දිගටම සිදුකරන මෙවැනි වෛරී සහගත පුවත් ප්‍රචාරය සම්බන්ධයෙන් නීත්‍යනුකූලව ගතහැකි උපරිම පියවර ගැනීමට කටයුතු කරන ලෙසයි. එම පුවත පක්‍ෂපාතීව සිතා මතා නිර්මාණය කරන ලද අතිශය සාවද්‍ය මෙන්ම වෛරී සහගත ප්‍රකාශයක් බවත්, එය සමාජය තුළ බරපතල ජාතිවාදී ගැටුම් නිර්මාණය කිරීමට දරණලද කුමන්ත්‍රණකාරී උත්සාහයක් බවත්, අදාළ පුවත දුටු ඕනෑම අයෙකුට පැහැදිලිවන කරුණක්. මහජනතාව සතු සංඛ්‍යාත භාවිත කරමින් අදාල නාලිකාව සමාජය තුළ වෛරය වැපිරවීමේ පුවත් ප්‍රචාරය කරන අතර එය සනාථ කිරීමට ටමම පුවත් සාක්‍ෂියක් බව ද මංගල සමරවීර මහතා පෙන්වා දෙනවා. ජනාධිපතිවැරණයක් ප්‍රකාශයට පත්කර ඇති මෙවැනි අවස්ථාවක මාධ්‍ය උපමාන ආරක්‍ෂා කිරීමට බැඳී සිටින මාධ්‍ය ආයතනයක් මේ ආකාරයෙන් අවම සාදාචාරයක් හෝ නොතකා කටයුතු කිරීම ඉතා පිළිකුල් සහගත බව, මංගල සමරවීර මහතා මැතිවරණ කොමිසම වෙත යැවූ ලිපියේ සඳහන් කර තිබෙනවා.

    Last modified on සිකුරාදා, 25 ඔක්තෝබර් 2019 19:39

    Latest News