පාසල් පද්ධතිය කඩා වැටිලා; අනුර කුමාර දිසානායක

ඔක් 25, 2019

    දෙමාපියන්ට බරක් නොවන ලෙස අධ්‍යාපනයේ සමස්ත වගකීම ආණ්ඩුව පවරා ගන්නා නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් රට තුළ නිර්මාණය කරන බව, ජාතික ජනබල ව්‍යාපාරයේ ජනාධිපති අපේක්‍ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ, කන්තලේ නගරයේ අද පැවති ජන හමුවකට එක්වෙමින්.

    එහිදී අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා...

    “අද පළමු පන්තියට ළමයින් ඇතුළත් වෙනවා තුන් ලක්‍ෂ තිස් දහසක්. සාමාන්‍ය පෙළ ලියන්න කලින් 38 දාහක් පාසල අත්හැරලා යනවා. සාමන්‍ය පෙළ තව පංගුවක් අත්අරිනවා. උසස් පෙළින් තව පංගුවක් අත්අරිනවා. අන්තිමට විශ්වවිද්‍යාලයට යන්නේ 28 දාහයි. අපි පෙර පාසල් අධ්‍යාපනය ආණ්ඩුවේ වගකීමක් බවට පත් කරනවා. පාසල් පද්ධතිය කඩා වැටිලා තියෙන්නේ. විශාල පාසල්වල විෂමතාවයක් නිර්මාණය වෙලා තියෙන්නේ. දරුවන්ට විශාල දුරක් යන්න වෙලා තියෙනවා පාසල්වලට. දරුවෝ පාසල් යනවා පුරුද්දට. ඉගෙන ගන්න යනවා ටියුෂන් පන්තියට. දැන් පාසල තිබුණට අධ්‍යාපනය තියෙන්නේ එළියේ. අපි යළි පාසල වෙත අධ්‍යාපනය ගෙන යනවා. අද ළමයින්ට ළමා කාලයක් නැහැ. දෙමාපියන්ට බරක් නොවෙන ළමා කාලයක් ලැබෙනවා. අධ්‍යාපනයේ මුලු බර ආණ්ඩුව විසින් පවරා ගන්නා නව අධ්‍යාපන ප්‍රතිපත්තියක් අපේ රටේ නිර්මාණය කරනවා“ යැයි අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

     

     

     

     

     

     

     

     

    Last modified on සිකුරාදා, 25 ඔක්තෝබර් 2019 20:00

    Latest News