අධිකරණ නියෝග කැඩු සරසවි සිසුන් 52 කට ඇප

ඔක් 25, 2019

    අධිකරණ නියෝග නොතකා, මැතිවරණ නීති උල්ලංඝණය කරමින් කොළඹ කොටුවේ දී විරෝධතාවේ නිරත වෙමින් සිටියදී අත්අඩංගුවට ගත් සරසවි සිසුවියන් 52 කු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා හැරිමට කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (25) නියෝග කළේය.

    මෙම සිසුන් කොටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මේ නියෝගය සිදු කළේය.

    මේ අනුව පෙර වැරදි නොමැති සිසුන් 52 ‍දෙදෙනා මුදා හැරි අතර, 10 වැනි සැකකරු වු විශ්ව ධනංජය සිල්වා ලබන නොවැම්බර් 8 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ. ඇප මත සිටිමින් එවැනි වැරදක් නැවත සිදු කිරීම මත එම සැකකරු රක්ෂිත භාරයට පත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    මෙම සිසුන් 53 අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ, භික්ෂු බලමණ්ඩලයේ රුහුණු විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමයේ අග්නිදිග සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ, කැලණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ, කැලණිය මානව ශාස්ත‍්‍ර පීඨයේ සිසු සිසුවියන් පිරිසක් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කළ අතර හිමිනමක් සහ ශිෂ්‍යාවක්ද ඇප ලබා පිටව ගියහ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර ලබන 8 වනද‍ අධිකරණයට දන්වා සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

    Latest News