නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරයට එල්ලවන අභියෝගවලට රාජ්‍ය අමාත්‍ය අජිත්ගෙන් පිළිතුරු

ඔක් 25, 2019

    2018 ඔක්තෝබර් 26 කුමන්ත්‍රණයක් මගින් බලය ලබාගැනීමට ගත් උත්සාහය, ප්‍රජාතන්ත්‍රවාදයේ සහ නීතියේ අධිපත්‍ය මගින් පරාජය කිරීමට සමත් වූ බව රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම පවසයි.

    ඊයේ (24) වොක්ස්හෝල් වීදියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කෙරිණ.

    සජිත් ප්‍රේමදාස මහතාග් මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රතිපත්තිමය කරුණු සහ විපක්ෂයෙන් එල්ලවන ව්‍යාජ මත සහ අභියෝගවලට පිළිතුරු දෙමින් මාධ්‍ය හමුවේ උණුසුම් කරුණු රැසක් අනාවරන්‍ය කරන ලදී.

    පසුගිය කුමන්ත්‍රණය සාධාරණීය කිරීමට මාධ්‍ය හරහා ගත් උත්සාහය නීතියේ අධිපත්‍ය ක්‍රියාත්මක වීම මගින් පරාජයට පත්වූ බවත් මාධ්‍ය මගින් එය විවිධ ආකාරයෙන් අර්ථ නිරූපනය කිරීමට ගත් උත්සාහය ජනාතාව විසින් පාරාජය කිරීමට සමත් වූ පවත් එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කෙරිණි.

    ඒ අවස්ථාවේදී අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය අජිත් මන්නප්පෙරුම...

    “එදා හොරපාරෙන් ලබාගත් බලය, පාර්ලිමේන්තුව තුළ තෙවරක් ප්‍රතික්ශේප වුනා, අධිකරණය මගින් දෙවතාවක් ප්‍රතික්ශේප කළා. ලොකයේ හොදම ගමනාන්තය බවට පත් වූ රට, එම කාලය තුළ අරාජික රටක් බවට පත්කළා.

    එදා එවැනි ඒකාධිපතියෙකුට නැවත බලයට පත්වීමට අවස්ථාවක් නොමැති බව, එදා ජනතාව විසින් ඔප්පු කළා.

    එදා රාජ්‍ය සේවය පාගා දමමින්, ප්‍රජාතන්ත්‍රවාදීව අරගලය කරන ලද, රොෂේන් චානක, රතුපස්වල ජනතාවට, භූමිතෙල් සහනයක් ඉල්ලා උද්ඝොෂණය කළ ජනතාවට උණ්ඩයෙන් සැලකු පිරිස්වලට නැවත කොහොම සලකයි ද?

    මාධ්‍යවේදීන් උත්තර දීමට බය, මාධ්‍ය වෙතින් පලා යන, පිරිසක් නොමැතිව ජනතාවට මුහුණදීමට අසමත් නායකයකු කොහොම ද රටක් පාලනය කරන්නේ. සජිත් ප්‍රේමදාස විසින් ගෝඨාභයට, විවෘත විවාදයකට කළ අභියෝගයට තවම පිළිතුරක් නැහැ.

    ගෝඨාභය දක්ෂ කළමනාකරුවෙක් ද, ඔහු අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතුකළ ශ්‍රීලංකන්, ගොඨාභය භාර ගන්නා විට ලාභ ලබමින් තිබුණ අතර, ඔහුගේ කළමනාකරණය යටතේ බිලියන ගණනක පාඩු ලබන තත්ත්වයට බවට පත් වුනා.

    එවැනි පිරිසකට මෙම ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ නැවත බලය ලබාගැනීමට කිසිසේත් ඉඩක් නැහැ”

    Latest News