2019 සුමති සම්මාන උලෙළේ දී ජාතික රූපවාහිනියට සම්මාන රැසක්

ඔක් 24, 2019

    සුමති සම්මාන උලෙළේ ජනප්‍රියම ටෙලි නාට්‍යයට හිමි සම්මානයත් ජාතික රූපවාහිනි විකාශය වූ සුනිල් කොස්තා අධ්‍යක්ෂණය කළ "සුදු ඇඳගෙන කළු ඇවිදින්" ටෙලි නාට්‍යයට හිමි විය.

    ඊට ලැබී තිබූ SMS මනාප සංඛ්‍යාව ලක්ෂ එකොළහකට අධිකයි. සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යය සම්මානයට පාත්‍ර කිරීමට දායක වූ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයන්ට ජාතික රූප රූපවාහිනිය සිය ප්‍රණාමය පුදකර සිටියි.

    ඒ අතර 2019 සුමති සම්මාන උළෙලේ හොඳම සංගීත වැඩසටහනට හිමි සම්මානය ජාතික රූපවාහිනියේ “Tone Poem” වැඩසටහනට හිම වුනා. එය අධ්‍යක්ෂණය කරන්නේ රංග ප්‍රේමරත්න යි. සුමති සම්මාන උළෙලේ හොඳම කාලීන වැඩසටහනට හිමි සම්මානය ජාතික රූපවාහිනිය වෙනුවෙන් අනුරාධ දේවප්‍රිය අධ්‍යක්ෂණය කළ “දුම්රියේ ගැටුනු අලි” වැඩසටහනට හිම වුනා. හොඳම අධ්‍යාපන වැඩසටහන වූයේ ජාතික රූපවාහිනියේ නිලූෆා මොහොට්ටි අධ්‍යක්ෂණය කරන “ජාතික පාසල” වැඩසටහනයි. හොඳම කාන්තා වැඩසටහනට හිමි සම්මානය ජාතික රූපවාහිනියේ “දිරිය ලඳුන්”වැඩසටහනයි.

    jayamini

    sumathi

    Last modified on සිකුරාදා, 25 ඔක්තෝබර් 2019 15:49

    Latest News