25 වැනි සුමති සම්මාන උළෙල - සම්මාන 17ක් සමග ජාතික රූපවාහිනිය ප්‍රමිතියේ මුද්‍රාව සළකුණු කරයි (වීඩියෝ)

මාර් 27, 2021
  • 225 වැනි සුමති සම්මාන මහිමාලංකාරයේ දී සම්මාන 17ක් හිමි කර ගනිමින් ජාතික රූපවාහිනිය යලිත් වරක් සිය ප්‍රමිතියේ මුද්‍රාව සළකුණු කළා. සම්මාන උළෙල ඊයේ පැවැත්වුණේ බත්තරමුල්ල,වෝටර් එර්ජ් පරිශ්‍රයේදී.

    සුමති සම්මාන උළෙල ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණ.

    සම්මාන උළෙලේ විශේෂ ආරාධිතයා ලෙස එක් වුණේ, විශාරද නන්දා මාලනී මහත්මියයි. හිටපු අමාත්‍ය, සුමති සම්මාන උළෙලේ නිර්මාතෘ තිලංග සුමතිපාල මහතා ඇතුළු පවුලේ සාමාජිකයන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, කලාකරුවන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    සුමති සම්මාන උළෙලේ හොඳම ටෙලිනාට්‍ය නැගී එන නිළිය ලෙස සම්මානයට පාත්‍රා වුණේ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ සුදු ඇදගෙන කළු ඇවිදින් ටෙලි නාට්‍යයේ මිශෙල් දිල්හාරා.

    හොඳම රූපවාහිනී වාර්තා වැඩසටහන ජාතික රූපවාහිනියේ පූජිත දිසානායක අධ්‍යක්ෂණය කළ අසිරිමත් හෝර්ටන් තැන්න.

    මෙවර හොඳම පූරක ලෙස ජාතික රූපවාහිනියේ සුභානී රාත් වැඩසටහන ඉදිරිපත් කළ වත්සලා සමරකෝන් සම්මානය හිමිකර ගන්තා.

    හොඳම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහනට හිමි සුමති සම්මානය දිනා ගත්තේ,ජාතික රූපවාහිනියේ බියොන්ඩ් ද බවුන්රි වැඩසටහන් අධ්‍යක්ෂණය කළ යෙනුක දසනායකයි.

    හොඳම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන ජාතික රූපවාහිනියේ ජානක සුජීව ජයකොඩි ගේ, නොලේජ් ෆස්ට්/සේෆ්ටි ෆස්ට් වැඩසටහනයි.

    හොඳම රූපවාහිනී ළමා වැඩසටහන ජාතික රූපවාහිනියේ මාලතී වීරසිංහගේ කුරුල්ලන්ටගී.

    හොඳම ටෙලි නාට්‍ය තිර රචනය සඳහා සම්මානය ජාතික රූපවාහිනියේ විකාශය වූ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍ය වෙනුවෙන් නාමල් ජයසිංහට හිමිවිය.

    හොඳම ඒකාංගික ටෙලි නාට්‍ය අතුල පීරිස් අධ්‍යක්ෂණය කළ ජාතික රූපවාහිනියෙන් විකාශය වූ පවිත්‍රානිගේ ප්‍රේමයයි.

    හොඳම සහය නිළිය වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයේ චාන්දනී සෙනෙවිරත්නයි.

    හොඳම ටෙලි නාට්‍ය නළුවාට හිමි සම්මානය ජාතික රූපවාහිනියෙන් විකාශය වූ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයේ රොෂාන් රවින්ද්‍රට හිමි විය.

    හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය සඳහා සම්මානය වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍ය වෙනුවෙන් ආනන්ද අ‍බේනායකට හිමි විය.

    පූරියේ විශේෂ කුසලතා සම්මානය කනිෂ්ක ෂේවියර්ට හිමි වුණේ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍ය වෙනුවෙන්.

    තිර රචනය සඳහා කුසලතා සම්මානයක් ජාතික රූපවාහිනියේ විකාශය වූ අමුතු රසිකයා ටෙලි නාට්‍ය වෙනුවෙන් සද්ධා මංගල සූරියබණ්ඩාරට හිමි විය.

    හොදම ළමා තාරකාව වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයේ අකිඳු වෙනුජ බණ්ඩාර.

    හොඳම ටෙලි නාට්‍ය නැගී එන නළුවා අමුතු රසිකයා ටෙලි නාට්‍යයේ සංජය මුරමුදලි.

    හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍ය ලෙස සම්මානයට පාත්‍ර වුණේ ජාතික රූපවාහිනියේ විකාශය වූ ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ වීරයා ගෙදර ඇවිත් ටෙලි නාට්‍යයයි. එම සම්මානය ලබා ගැනීමේ අවස්ථාවට ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක,අධ්‍යක්ෂ ජනරාල් අජිත් නාරගල යන මහත්වරුන් ද එක්ව සිටියේය.

    Last modified on සදුදා, 29 මාර්තු 2021 07:40

    Latest News