ගාමිණි දිසානායක මහතාගේ ගුණ සැමරේ (වීඩියෝ)

ඔක් 24, 2019

    දිවංගත ගාමිණි දිසානායක මහතාගේ 25 ගුණ සැමරුම අදට යෙදී තිබේ. 

    සැමරුම් උත්සවය පැවැත්වුණේ කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණි දිසානායක පිළිරුව අභියසදී. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. 1942 මාර්තු 20 දින උපත ලැබූ ලයනල් ගාමිණි දිසානායක මහතා පසු කාලයේ එක්සත් ජාතික පක්‍ෂයෙන් දේශපාලනයට පිවිස කැපී පෙනෙන ජනතා මෙහෙයරක් ඉටු කළේය. අවස්ථා කිහිපයකදී ඔහු විවිධ විෂයයන්ට අයත් අමාත්‍ය ධූර ගණනාවක වගකීම් දරමින් සේවා රැසක් ඉටුකර තිබේ. නවීන් දිසානායක, මයන්ත දිසානායක සහ චරුණි තාරුකා දිසානායක ඔහුගේ දරුවන් තිදෙනායි. ගාමිණි දිසානායක මහතා, 1994 වසරේ ඔක්තෝබර් 24 වැනි දින බෝම්බ ප්‍රහාරයකට ලක්වීමෙන් මියයන විට ඔහුගේ වයස අවුරුදු 52ක්. දිසානායක පවුලේ ඥාතීන් සහ කතානායක කරු ජයසූරිය මහතා ඇතුළු පිරිසක් 25 වැනි ගුණ සැමරුම් උළෙලට එක්වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 24 ඔක්තෝබර් 2019 21:51

    Latest News