යුරෝපා මැතිවරණ නිරීක්ෂකයින් ජනාධිපතිවරණ පූර්ව නිරික්ෂණ මෙහෙයුම් ආරම්භ කරයි (වීඩියෝ)

ඔක් 23, 2019

    යුරෝපා මැතිවරණ නිරීක්ෂකයින් 2019 ජනාධිපතිවරණ පූර්ව නිරික්ෂණ මෙහෙයුම් ඊයේ(22) සිට ආරම්භ කර තිබේ.

    පළාත් 9 සඳහා පූර්ව නිරීක්ෂකයින් 30 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවයි යුරෝපා සංගම් නියෝජිතයින් පවසන්නේ. ‍ශ්‍රී ලංකාවේ රාජකාරි ආරම්භ කරන ප්‍රථම අන්තර්ජාතික නිරීක්ෂණ කණ්ඩායම වන්නේ යුරෝපා නිරීක්ෂණ පිරිසයි. ඔවුන් මෙරටට පැමිණ ඇත්තේ මැතිවරණ කොමිසමේ ආරාධනය මතයි. ජනාධිපතිවරණෙ නිරීක්ෂණය සඳහා යුරෝපා නියෝජිතයින් 80කට අධික සංඛ්‍යාවක් යෙදවීමට නියමිතයි. මරීසා මතියාස් නිරීක්ෂකයන්ගේ ප්‍රධානියා ලෙස ක්‍රියා කරයි. පූර්ව නිරීක්ෂණ මෙහෙයුම් ඇරඹීමෙන් පසුව යුරෝපා නියෝජිතයින් කොළඹ දී ඊයේ මාධ්‍ය හමුවක් පැවැත්වීය. එහිදී අදහස් දැක්වූ නියෝජ්‍ය ප්‍රධානී දිමිත්‍රි අයෝනාව් කියා සිටියේ මූලික වාර්තාව ජනාධිපතිවරණයෙන් දින දෙකකට පසු නිකුත් කරන බවයි.

    Latest News