මැතිවරණ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඔක් 23, 2019

    සිනමා ශාලාව තුළ සහ ප්‍රසිද්ධ ස්ථානවල ඩිජිටල් නාම පුවරු ප්‍රදර්ශනය කරමින් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක කටයුතු මෙහෙවීම තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වී ඇත.

    එමරින් මීඩියා ප්‍රයිවට් ලිමිටඩ් නැමැති සමාගමක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඇතුළු එහි සාමාජිකයන් හතර දෙනා නම් කර තිබේ.

    පෙත්සම්කාර සමාගම කියා සිටින්නේ මැතිවරණ කොමිසම විසින් ඉකුත් සැප්තැම්බර් මස දොළොස් වනදා ජනාධිපතිවරණයේ දී ප්‍රචාරක කටයුතු මෙහෙයවීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය වෙත මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ බවයි. එම මාර්ගෝපදේශ මාලාවට අනුව සිනමා ශාලා තුළ ප්‍රචාරණ කටයුතු මෙහෙයවීම සහ ඩිජිටල් නාම පුවරු උපයෝගී කරගනිමින් ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රචාරක කටයුතු සිදු කිරීම තහනම් කර ඇති බවද පෙත්සම්කාර සමාගම පෙන්වා දෙයි.

    එහෙත් වර්තමානයේ මැතිවරණ කොමිසම විසින් නිකුත් කළ එම මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් ප්‍රචාරණ කටයුතු සිදුකරන බව පෙන්වා දෙන අදාළ සමාගම එය ජනාධිපතිවරණ පනතට පටහැනි බවයි කියා සිටියි.

    එබැවින් එවැනි ප්‍රචාරක කටයුතු වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කාර සමාගම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

    Latest News