ඉදිරියේ දී විදෙස් ආයෝජන දස ගුණයකින් වැඩි කිරීමට පියවර ගන්නවා - අගමැති (වීඩියෝ)

ඔක් 23, 2019

    සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු විදෙස් ආයෝජන දස ගුණයකින් වැඩි කරන බවට තමන් සහතික වන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

    ඔහු මේ බව කියා සිටියේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මාලබේ ප්‍රදේශයේ ඊයේ(22) පැවති ජන රැළියකට එක්වෙමිනි.

    ඒ අවස්ථාවේ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා...

    “අපිට අමාරු අවුරුදු දෙයකට මුහුණ දෙන්න සිදුවුණා මම නෑ කියන්නේ අපි VAT වැඩි කළා. අපිට බැන්නා. ඒත් දැං ස්ටෙන්ට් නොමිලේ දෙනවා. ගම්මුදාව ගෙවල් හදනවා අපි පාසල් අඳුරනවා සමෘද්ධිය වැඩියෙන් දෙනවා මේ ඔක්කොම කරේ අපි ගත්ත අමාරු තීරණ නිසා. එදා අපිට රාජපක්ෂලා එක්ක අපිට GSP නෑ. අපේ නිෂ්පාදන අපනයනය කරන්න බෑ ලෝකෙ අපිව කොන් තිබුණේ අද ඇඟලුම් නිෂ්පාදන අපනයනය කරනවා වෙනත් භාණ්ඩ අපනායනය කරනවා. ලංකාවට එන සංචාරක ප්‍රමාණයය දෙගුණයක් වෙලා තියෙනවා කියලා මම කියන්න කැමැතියි.

    අපි අඩු ආදායම්ලාභීන්ට අලුත් නිවාස දීලා තියෙනවා. තට්ටු නිවාස දීලා තියෙනවා. කවුරුත් පන්නන්නේ නැහැ. අද අපි අලුත් කර්මාන්ත ආරම්භ කරගෙන යන්නේ. එවිට විශාල ලෙස ආයෝජන එනවා. අපි ආපහු සජිත් ප්‍රේමදාස ජනාධිපති කරළා අපේ මේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියනවා නම් ඒ එන විදේශ ආයෝජන දහ ගුණයකින් වැඩිකරනවා කියලා මට සහතික කරන්න පුළුවන්.

    තොරතුරු තාක්ෂණය දියුණු කරන්න අපි පාසල්වලට TABS ලබන දෙනවා අවුරුදු පහ තුළ සෑම මැතිවරණ කොට්ඨාසයකටම ඒ පුහුණු කිරීමේ විද්‍යාලයක් ලැබෙනවා. විශාල සංඛ්‍යාවක් තොරතුරු තාක්ෂණය දැනගෙන අලුත් තොරතුරු තාක්ෂණ ආර්ථිකයක් අපි ඇති කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ ඉතාම ශක්තිමත් ආර්ථිකයක් ඇති එහෙනම් මේ අවුරුදු පහේ සජිත් ප්‍රේමදාස ජනාධිපති කරලා විශාල පිම්මක් අරගන්න ආර්ථික වශයෙන් දියුණු වෙන්න” යැයි ප්‍රකාශ කළේය.

    Latest News