තැපැල් ඡන්ද භාවිතයේ දී පිළිගත් හැඳුනුම්පතක් අනිවාර්යයි

ඔක් 23, 2019

    ජනාධිපතිවරණය සඳහා තැපැල් ඡන්දය භාවිත කිරීමේදී රාජ්‍ය සේවකයින් විසින් පිළිගත් හැදුනුම්පතක් ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරු කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

    ඒ අනුව ජාතික හැදුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු ගමන් බලපත්‍රය හා මැතිවරණ කොමිසම විසින් නිකුත් කරනු ලබන තාවකාලික හැදුනුම්පත හෝ ජාතික හැදුනුම්පත් අංකය සදහන් වන රාජකාරී හැදුනුම්පත ඉදිරිපත් කර අනන්‍යතාව තහවුරුකළ යුතු බව කෙමිෂන් සභාව සදහන් කරනු ලැබේ.

    රාජකාරී හැදුනුම්පත තැපැල් ඡන්දය භාවිත කිරීම සඳහා පිළිගනු ලැබුවද එම හැදුනුම්පත ඉදිරිපත් කරන ඡන්ද දායකයාගේ අනන්‍යතාව පරීක්ෂා කිරීම ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු අධීක්ෂණයට පත්කර ඇති නිලධාරියා විසින් සිදුකළ යුතු වේ.

    ඒ අනුව මේ සම්බන්ධයෙන් සියළුම සහතික කිරීමේ නිලධාරීන් දැනුවත් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශව වෙත දැනුම් දී ඇත.

    Last modified on බදාදා, 23 ඔක්තෝබර් 2019 10:04

    Latest News