තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම පස්වන දිනටත්

ජූලි 17, 2020

    2020 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ පස්වන දිනය අදයි.

    තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම මෙවර අදියර 03ක් යටතේ සිදුවන අතර, අද තෙවැනි අදියරට අයත්.

    පවතින කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් තැපැල් ඡන්ද සලකුණු කිරීම සිදු කෙරෙන්නේ, සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලවයි. සියළු පොලිස්, ත්‍රිවිධ හමුදා සහ සිවිල් ආරක්‍ෂක නිලධාරීන්, සෞඛ්‍ය අංශ, දිස්ත්‍රික් ලේකම් හා මැතිවරණ ලේකම් කාර්යාලවල නිලධාරීන් ඊයේ සහ අද ඡන්දය ප්‍රකාශ කළේය. අද උදෑසන 9.00 සිට පස්වරු 2.00 දක්වා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව එම සේවකයින්ට හිමිවිය. ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ කෙරුණු පසුගිය 13 වැනිදා ඊට සුදුසුකම් ලබා තිබුණේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සේවක සේවිකාවන් පමණි.

    ඊයේ සහ අද ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ නිලධාරීන් හැර සෙසු සියලු රාජ්‍ය සේවකයින් සඳහා තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව 14 සහ 15 යන දෙදින හිමිවිය. මැතිවරණ කොමිෂන් සභාව ලබාදී ඇති දිනයන්හි තැපැල් ඡන්දය සළකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්දදායකයින් සඳහා ලබන 20 සහ 21 යන දිනයන්හි උදේ 9.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව හිමිවේ. අදාළ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලය පිහිටි දිස්ත්‍රික්කයේ, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ දී එම අවස්ථාව සලසා ගත හැක.

    Latest News