තැපැල් ඡන්දය තෙවැනි දිනටත් අද (වීඩියෝ)

ජූලි 15, 2020
  • එළඹෙන මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද භාවිත කිරීමේ කටයුතු අද (15) තෙවන දිනටත් සිදු කෙරේ.

    තැපැල් ඡන්ද භාවිත කිරීම පසුගිය 13 දිනෙන් ආරම්භ වූ අතර එදින සිට ලබන 17 වැනිදා දක්වා සිදුකිරීමට නියමිතයි.

    සියලු පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු, සෞඛ්‍ය අංශ, සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ මැතිවරණ කාර්යාලවල හැර සෙසු රාජ්‍ය සේවකයින් තැපැල් ඡන්ද සලකුණු කිරිමට අද දිනය වෙන් කර තිබේ.

    මෙම දිනයන්හි දී තැපැල් ඡන්ද භාවිත කිරීමට නොහැකි වන රාජ්‍ය සේවකයින් සඳහා තවත් අතිරේක දින දෙකක් ඒ සඳහා ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.

    ඒ අනුව ඔවුන්ට ලබන 20 සහ 21 යන දිනයන් තුළ තැපැල් ඡන්දය භාවිතා කිරිමට හැකි බව එම කොමිෂන් සභාව සඳහන් කරයි.

    රාජාංගනය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පමණක් තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා වෙනත් දිනයක් ලබා දෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

    Last modified on බදාදා, 15 ජූලි 2020 20:23

    Latest News