ලිඳකට වැටීමෙන් අවුරුදු හතක දරුවෙකු ජීවිතක්ෂයට

ඔක් 22, 2019

    මොනරාගල ඇතිමලේ පොලිස් බල ප්‍රදේශයේ තුන්සිය කොටස බෝගස් හංදිය ප්‍රදේශයේ දී අනාරක්ෂිත ලිදකට ඇද වැටීමෙන් වයස අවුරුදු හතක දරුවෙකු ජීවිතක්ෂයට පත් වී ඇත.

    මෙසේ මියගොස් ඇත්තේ ඇතිමලේ ප්‍රාථමික විද්‍යාලයේ දෙක ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙකු බව ඇතිමලේ පොලිසිය කියයි. මියගිය දරුවාගේ දෙමාපියන් වෙන්වී ජීවත් වන අතර දරුවා ජීවත් වී ඇත්තේ සිය සීයා සහ මිත්තනියගේ නිවසේය.


    මලිදු ගේ මිත්තනිය සීනී කර්මාන්තායතනයේ කම්කරු රැකියාවක් කරන අතර සීයා මලිදු රැකබලා ගෙන නිවසේ ජීවත් වේ. මලිදු ගේ මවගේ නැගණිය මේ දිනවල නිවසට පැමින සිටි නිසා මලිදු එම පුංචිඅම්මා වෙත භාර දී සියා අසල නිවසකට ගොස් ඇත. දරුවා නිවසෙන් දිය නෑමෙන් අනතුරුව අසල තිබූ ලිඳෙන්ද දිය නෑමට ගොස් ඇත. එහිදී මෙම දරුව දියෙ ගිලී තිබේ. දියේ ගිලුනු දරුවාව ප්‍රදේශවාසීන් විසින් බෙරාගෙන ඇතිමලේ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බව රෝහලේ ප්‍රකාශකයකු පැවසීය. මියගිය දරුවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට අද(22) රැගෙන ගොස් ඇති අතර ඉදිරි විමර්ශන ඇතිමලේ පොලිසිය සිදු කරයි.

    Latest News