උඩ දියලුමේ දිය වලක ගිලී දරුවෙකු ජීවිතක්ෂයට

පෙබ 27, 2021

    කොස්ලන්ද දියලුම දියඇල්ලේ උඩ දියලුම ස්ථානයේ දිය නාමින් සිටි දරුවෙකු ඊයේ (26) පස්වරුවේ දී එහි වලකට වැටී ජීවිතක්ෂයට පත් වී ඇත.

    උඩ දියලුම ප්‍රදේශයේ දිය සිය නෑදෑ හිතවතුන් සමග දිය නාමින් සිටි මෙම දරුවා එක් වරම මෙම දිය වල ඇති ස්ථානයේ දියේ ගිලී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. දියේ ගිලුණු දරුවා ප්‍රදේශවාසීන් ගේ සහයද ඇතිව කඩිනමින් බේරාගෙන කොස්ලන්ද රෝහල වෙත ඇතුළුත් කර ඇති අතර ඒ වන විටත් දරුවා මියගොස් සිටි බවට අනාවරණය වී ඇත.

    මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වයස අවුරුදු නවයක් වන මා කදුර මාවරැල්ල ප්‍රදේශයේ පදිංචි දරුවෙකි. මළ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරන පරීක්ෂණය අද (27) සිදු කිරීමට නියමිත අතර කොස්ලන්ද පොලිසිය විසින් විමර්ශන සිදු කරයි.

    Latest News