කැලණි හා අත්තනගලුඔය අවදානම් මට්ටමට

ඔක් 22, 2019

    පසුගිය පැය 24 තුල කැලණි හා අත්තනගලු ගංගා ධාරා ප්‍රදේශයන් වෙත ලැබුණු අධික වාර්ෂාපතනය නිසා කැලණි ගඟෙහි නාගලගම්වීදිය,හංවැල්ල හා ග්ලේන්කොස් ජල මිණුම් ස්ථානවල ජල මට්ටම් අවධානයෙන් සිටින යුතු ජල මට්ටමට පැමිණ ඇති බව ආපදා කළමනාකරන මධ්‍යස්ථානය පවසයි.

    කැලණි ගඟ හා ඊට ආසන්නයේ පහත් බිම්වල වාසය කරන ජනතාවට ගංවතුර තත්වය පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ජනතාවට දැදුම් දෙයි.

    එසේම අත්තනගලු ඔය දුනමලේ ජල මිණුම් ස්ථානය ද සුළු ගංවතුර මට්ටම පැමිණ තිබේ. ඒ අනූව, අත්තනගලු ඔය ආශ්‍රිතව මීගමුව,ජාඇල,කටාන,මිනුවන්ගොඩ,ගම්පහ හා අත්තනගල්ල ප්‍රදේශවල වෙසෙන හදිසි ගංවතුර තත්වයන් පිළිබඳව දැඩි විමසිල්ලෙන් සිටින ලෙස දැනුම් දෙයි.

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 10:16

    Latest News