කලක සිට දේශපාලනීකරණයට ලක්වී ඇති ආරක්ෂක අංශ  නිර්දේශපාලනීකරණය කරනවා...සජිත් (වීඩියෝ)

ඔක් 22, 2019
  • දේශපාලනීකරණයට ලක්වී ඇති ආරක්ෂක අංශ නිර්දේශපාලනීකරණයට ලක් කර දක්ෂතාව හා කුසලතාව මත මෙහෙයුම් සිදු කරන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී කුසලතාව මත මෙහෙයුම් සිදු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. රණවිරුවන්ගේ සුබසාධනයට ප්‍රමුඛත්වය ලබා දී ක්‍රියා කරන බවයි, අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා...

    "කාලයක් සිට දේශපාලනීකරණයට ලක්වී ඇති ආරක්ෂක අංශ අප නිර්දේශපාලනීකරණයට ලක්කර දක්ෂතාව, කුසලතා මත මෙහෙයුම් කටයුත සිදු කරනවා. සේවයේ නියුතු, විශ්‍රාමික හා ආබාධිත රණවිරුවන් හා ජීවිත පරිත්‍යාග කර රණවිරු පවුල් හා ඔවුන්ගේ දරු දැරියන් රැක ගනිමින්, ඔවුන්ගේ සුබසාධනයට ප්‍රමුඛත්වය ලබා දී කළගුණ දක්වන සොදුරු යුගය ආරම්භ කරනවා. දේශපාලන වාසි වෙනුවෙන් මෙනම කොන්දේසියකටවත් යටත් වෙලා අපේ මාතෘ භූමියේ ගෞරවය, රණවිරුන් පාවා දෙන්නෙ නෑ.."

    ඔහු මේ බව කියා සිටියේ විරුපවුරු විශ්‍රාමික රණවිරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ පැවති හමුවක් අමතමින්. එය සංවිධාන කරනු ලැබුවේ, අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින්. මෙම අවස්ථාවට දේශපාලන නියෝජිතයන් ද එක්ව සිටියේය.

     

    Last modified on අඟහරුවාදා, 22 ඔක්තෝබර් 2019 12:41

    Latest News