ආර්ථිකය ගොඩ නඟන්නට පැහැදිලි සැලැස්මක් තියෙනවා; ගෝඨාභය රාජපක්‍ෂ

ඔක් 21, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ ජනතා රැලියක් හම්බන්තොට බෙලිඅත්ත ප්‍රදේශයේදී අද පැවැත්විණ.

    මිද්දෙණිය ප්‍රදේශයේ දී ද ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජය තහවුරු කිරීමේ තවත් ජන රැලියක් පැවැත්විණ. එහිදී අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්‍ෂ මහතා...

    “තමුන්නාන්සේලා දන්නවා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඉතිහාසයේ නොදැකපු සංවර්ධනයක් ඇති කළා. අධිවේග මාර්ග, ජාත්‍යන්තර ගුවන් තොටුපොලවල්, වරායවල්, කොළඹ නගරය අපිට පුළුවන් වුණා ආසියාවේ සීඝ්‍රයෙන්ම දියුණු වන නගරය බවට පත් කරන්නට. මේ රජය බලයට පැමිණියට පස්සේ අවුරුදු දෙක හමාරක් ඔවුන් ආරම්භ කරපු ව්‍යාපෘති සියල්ලක්ම නැවැත්වුවා. ආර්ථිකය කඩා වැටෙන්නට පටන් ගත්තා. අපිට පැහැදිලි සැලැස්මක් තියෙනවා මේ ආර්ථිකය ගොඩ ගන්නට. ආසියාව දැන් සීඝ්‍රයෙන් දියුණුවන රටවල් විශාල සංඛ්‍යාවක් තියෙනවා. ඒ ආශ්‍රිතව අපිට පුලුවන් වෙනවා රට පැහැදිලි දැක්මක් යටතේ ඉදිරියට ගෙන යන්න. බුද්ධිය මුල්කරගෙන අපිට අපේ රට ඉදිරියට ගෙන යන්න පුලුවන්. පළමුවෙනි අවුරුද්දේ අපි විශාල ආයෝජනයක් කරනවා අධ්‍යාපනය වෙනුවෙන්. තරුණ තරුණියන්ට බුද්ධිය මුල්වූ ආර්ථිකයට දායක වන්නට පුලුවන් අයුරින් රැකියාවන් කරන්නට පුලුවන් වන අයුරින් ඔවුන්ට අපි නිපුණත්වයක් ලබාදෙනවා.“ යැයි ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවසීය.

    Latest News