ඇල්පිටියෙන් 75%ක ඡන්දය ප්‍රකාශ කිරීමක් (වීඩියෝ)

ඔක් 11, 2019

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දයේ ඡන්ද ප්‍රකාශ කිරීම 75%ක මට්ටම පසු කර ඇති බව වාර්තාවේ.

    පෙ.ව. 7 සිට ප.ව. 2:30 දක්වා කාලය තුළ කිසිදු මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා නොවූ බව අප වාර්තාකරු සඳහන් කරයි. උදෑසන ඡන්දදායකයන් ඉතා උනන්දුවෙන් ඡන්දය ප්‍රකාශ කරනු දැක ගත හැකි වූ අතර මේ වන විට එම තත්තවය මදක් අඩු වී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි.

    සියයට 30 ක් ඡන්දය ප්‍රකාශ කර අවසන් - ඡන්ද විමසීම සාමකාමී - (11:15)

    ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ කටයුතු සාමකාමී බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    සවස 4 න් පසුව ඡන්ද පළේදීම ඡන්දය ගණන් කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

    මධ්‍යස්ථාන 17 කදී කොට්ඨාශ 17 ප්‍රතිඵල නිකුත් කෙරේ. පසුව, එම ප්‍රතිඵල ඇල්පිටියේ පිහිටි තාක්ෂණික විද්‍යාලය වෙත රැගෙන විත් සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් කර කිරීමට පියවර ගැනේ.

    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2019 20:08

    Latest News