ඇල්පිටියේ අම්මා පොහොට්ටුවේ පුතුට ඡන්දය ඉල්ලුවේ දරු කැක්කුමට ද

ඔක් 13, 2019

    දේශපාලන පක්ෂ නායකයන් ආධාරකරුවන් නොපොළඹවන තාක් කල්, කවර මැතිවරණයක් වුව නිදහස් හා සාධාරණ පසුබිමක පැවැත්විය හැකිය යන්න ඇල්පිටිය පළාත් පාලන මැතිවරණයෙන් පෙන්නුම් කළ බව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය අද (13) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

    පූර්ව මැතිවරණ කාල සමය ඉතා සාමකාමීවත් ඡන්ද විමසීම, පැවති දිනයේ ද අවසන් ප‍්‍රතිඵලයට අහිතකර බලපෑමක් ඇති වන ආකාරයේ බරපතල සිද්ධි වාර්තා වීමකින් තොරව අවසන් වු බවත් එම වාර්තාවේ සඳහන්වේ.

    ගාල්ල, තලගස්පේ කනිෂ්ඨ විද්‍යාල ජන්ද මධ්‍යස්ථානය අසල රැඳෙමින් ඡන්ද දායකයන් හට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙත ජන්දය භාවිත කරන ලෙස ඉල්ලා සිටි කාන්තාවක් පිළිබඳව මැතිවරණ ප‍්‍රචණ්ඩ ක්‍රියා නිරික්ෂණ මධ්‍යස්ථානය වෙත වාර්තා වේ චැක්වේ.

    කෙසේ වෙතත් එක් බලප‍්‍රදේශයකට සීමාව පැවතීම හා ජාතික මට්ටමේ තවත් මැතිවරණයක් තුළ පැවති පසුබිමක වුවද, ඉතා ප‍්‍රශස්ත මට්ටමේ තත්වයක් බවට මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ඇගයීමට ලක්වෙතැයි ද එහි සඳහන්ව ඇත.

    Last modified on ඉරිදා, 13 ඔක්තෝබර් 2019 18:17

    Latest News