එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ විශේෂ නිවේදනය

ඔක් 10, 2019

    එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ සහ දේශයේ ජයග්‍රහණය තහවුරු කිරීමේ මංගල රැළියට ඉතිහාසයේ මෙතෙක් නොවූ විරූ අන්දමින් ගාලූමුවෙදාර පිටියට එක්රොක් වූ දේශප්‍රේමි ජනතාවට ගෞරවනීය ආචාරය පුද කරන බව එක්සත් ජාතික පක්‍ෂ නායක සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    සාර්ථක අන්දමින් මෙම රැළිය සංවිධානය කිරීමට උර දුන් අප පක්‍ෂයේ නිලධාරී මණ්ඩලයට ද, මැති ඇමැතිවරුන්ට ද, ආසන සංවිධායකවරුන්ට ද කෘතඥතාවය එම නිවේදනයෙන් පල කර සිටි.  එය සාමුහික උත්සාහයක මහඟු ප්‍රතිඵලයකි බව පවසන වික්‍රමසිංහ මහතා එම උත්සාහයට එක් වූ සියලූ දෙනාටම ස්තුතිය පළ කරමින් ඉල්ලා සිටින්නේ මෙම උනන්දුව සහ උද්‍යෝගය ජනාධිපතිවරණ ජයග්‍රහණය දක්වාම එක ලෙස ඉහළ මට්ටමකින් පවත්වා ගෙන යාමට එක්සිත්ව කටයුතු කරන ලෙසයි මෙන් ද ඉල්ලා සිටිමි.

    Latest News