අර්ත් වොච්මන්, පැළ සිටුවීමේ වැඩසටහන පිළිබඳ ජනපති දැනුවත් කෙරේ

නොවැ 26, 2018

    2019 ලෝක කුසලාන තරගාවලියට සමගාමීව ශ‍්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව ක්‍රියාවට නංවන, අර්ත් වොච්මන්, පැළ සිටුවීමේ වැඩසටහන පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දැනුවත් කිරීමේ සාකච්චාවක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

    ශ‍්‍රී ලංකාව පුරා පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ අරමුණ ඇතිව වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ සියලූ දෙනා ඊට සහභාගී කරවා ගැනීමට අපේක්ෂා කෙරේ. ක්‍රිකට් පිත්ත නිර්මාණය කිරීම සඳහා දැව කඳන් උපයෝගි කර ගන්නා බැවින් මෙම පැළ සිටුවීමේ ව්‍යාපෘතිය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සමගාමීව සිදුකරනු ලබයි.

    අමාත්‍ය විජයදාස රාජපක්ෂ, සරත් කෝන්ගහගේ, ව්‍යාපෘති අධ්‍යක්ෂ නලින් ආටිගල, ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් සාරංග විජයරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Latest News