හිටපු අගමැති සත්‍යග්‍රහයට එක්වෙයි

නොවැ 26, 2018

    සිවිල් සංවිධාන විසින් වත්මන් ආණ්ඩුවට එරෙහිව කොළඹ පුරහල අසල ආරම්භ කර ඇති සත්‍යග්‍රහය සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වුණා.

    මෙම අවථාවට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුලු පිරිසක් සහභාගි වුහ.

    පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ආරම්භ කර තිබෙන ව්‍යවස්ථා විරෝධී ගමන නතර කිරීම සඳහා දේශපාලන පක්‍ෂ සහ බහුජන සංවිධාන සමග එක්ව කටයුතු කරන බව එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පැවසීය.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා - “ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගසා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් ආරම්භ කර තිබෙන මේ ව්‍යවස්ථා විරෝධී ගමන නතර කළ යුතුයි. පාර්ලිමේන්තුවේ සිටින්නේ ඔබේ නියෝජිතයිනුයි. එම නියෝජිතයන් හොඳ ද, නැද්ද කියා තීරණය කිරීමට වසර 5 කට වරක් ඔබට අවස්ථාව උදා වෙනවා.නමුත්, වසර පහකට පෙර මැතිවරණයක් කැඳවනවා නම් සියලූ පක්‍ෂ නායකයින් කැඳවා, සාකච්ඡා කොට තීරණයක් ගත යුතුයි. අද අපට අවශ්‍ය වී තිබෙන්නේ මේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කිරීමයි. ජනතාවගේ පරමාධිපත්‍යය බලය ආරක්‍ෂා වන්නේ මේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කිරීම තුළිනුයි“ යැයි ද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

     

    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts සමග එක්වන්න...Ru News Alert Super 00238

    Last modified on සදුදා, 26 නොවැම්බර් 2018 20:29

    Latest News