දේශපාලනය නොකරන බවට මෛත්‍රීගෙන් පොරොන්දුවක්

ජන 13, 2019

    එකාබද්ධ වෘත්තිය සමිති කරන ඉල්ලිම සාධාරණ ඉල්ලිමක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා පවසයි.

    මෛත්‍රි ගුණරත්න මහතා ඒ බව කියා සිටියේ හැටන් ප්‍රදේශයේ එක්සත් ජාතික නිදහස් පෙරමුණේ සමාජිකයන් විසින් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතාව පිලිගැනිම සදහා අද (13) හැටන් දික්ඔය නගර සභා ශාලාවේ පැවති රැස්විමේදිය.

    ශ්‍රි ලංකාවේ තේ ඩුබායි රාජ්‍යයට අපනයනය කර එහිදී තවත් තේ වර්ගයක් සමඟ මිශ්‍ර කර රටවල් කිහිපයකට ඉතා අධික මිලකට අලෙවි කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක බව මෛත්‍රි ගුණරත්න මහතා කියා සිටියේය. ශ්‍රි ලංකාවේ තේ ලෝකයේ රටවල් වල ප්‍රවර්ධනය කර ශ්‍රි ලංකාවේ තේ සදහා හොද මිලක් ලබාගෙන මේ රටේ තේ කර්මාන්තය යලිත් නගා සිටුවිමට ක්‍රියා කල යුතු බව ආණ්ඩුකාරවරයා විසින්අවධානරය කරනු ලැබිණ.

    වසර 200 පමණ කාලයක් මේ රටේ තේ ආරථිකයට විශාල දායකත්වයක් දැක් වු වතු කම්කරුවන්ට රු 1000 වැටුප ලබාදිමටත්, කඩා වැටි ඇති තේ ආර්ථිකය නගා සිටුවිමට වතුකරය නියෝජනය කරන සියළුම දේශපාලඥයින් කටයුතු කල යුතු බවද මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය. ජනාධිපතිවරයන් විසින් තමන්ට ලබාදුන් මේ තනතුරෙන් දේශපාලනය නොකර ජනතාව වෙනුවෙන් වැඩ කරන බවද මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය. හැටන් දික්ඔය නගර සභාවේ කැළි කසල බැහැර කිරිමට ඉඩමක් නොමැති විම සම්බන්ධයෙන් කඩිනමින් විසදුමක් ලබාදෙන බවද මධ්‍යම පලාත් ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න මහතා පැවසිය.

    හැටන් නගරයට පැමිණි මෛත්‍රි ගුණරත්න මහතාව හැටන් නගරයේදි එම පක්ෂයේ සමාජිකයන් විසින් පිලිගෙන හැටන් දික්ඔය නගර සභා ශාලාව වෙත කැදවාගෙන එනු ලැබිණ.

    Latest News