අධික වර්ෂාවෙන් නාවලපිටිය නගරය යටවේ

ඔක් 07, 2019

    මධ්‍යම කදුකරයට අද (07) පස්වරුවේ ඇද හැලැණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යට විම නිසා රථවාහන ගමනා ගමනයට බාධා ඇති විය.

    නාවලපිටිය නගරයේ බස් නැවතුම්පලේ සිට ගම්පොල දෙසට මිටර් 500 පමණ මෙසේ වැසි ජලයෙන් යට වි තිබුණි.

    වැසි ජලය නිසි ලෙස කාණු පද්ධතිය ඔස්සේ බැස නොයැම හේතුවෙන් ප්‍රධාන මාර්ගය ජලයෙන් යටවු බව අප වාර්තාකරු පවසයි.  සුළු වර්ෂාවකදි පවා මෙසේ නාවලපිටිය නගරය ජලයෙන් යට විම නිසා නගරයට පිවිසෙන පාර්භෝගික ජනතාව ගැටළු රැසකට මුහුණ දීමට සිදුව තිබේ.

    Latest News