5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත් වේ: ශිෂ්‍යාධාර ලබන සිසුන් ගණන 20,000 ක්

ඔක් 06, 2019

    Up date - 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද නිකුත් කෙරිණ.

    කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කෑගල්ල, කුරුණෑගල යන දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍යයෙන් අවම ලකුණු සීමාව 159ක්. 

    කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල යන දිස්ත්‍රික්ක සඳහා දෙමළ මාධ්‍ය අවම ලකුණු සීමාව 154ක් වේ. අගෝස්තු 04 වැනි දින ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණේ, දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 2,995කදී. ඊට සිසුන් තුන් ලක්‍ෂ තිස් දෙදහස් එකසිය හැත්තෑ නව දෙනෙකු පෙනී සිටියහ. අයදුම් කළ ශිෂ්‍ය සංඛ්‍යාව තුන් ලක්‍ෂ තිස් නව දහස් හාරසිය දහයක්. මෙවර ශිෂ්‍යාධාර ලබාදෙන සිසුන් සංඛ්‍යාව 15,000 සිට 20,000 දක්වා වැඩි කෙරේ. ඒ අතරින් ශිෂ්‍යත්ව 250ක් විශේෂ අවශ්‍යතා සහිත සිසුන් සඳහා වෙන්කර තිබේ.

    කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල ලේඛන අදාළ පාසල් ප්‍රධානීන්ට හෙට පෙරවරු 9.00න් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව වෙත පැමිණ ලබාගත හැකියි. අනෙකුත් පාසල්වල ප්‍රතිඵල එම පාසල් වෙත තැපැල් කිරීමට නියමිතයි.

    සිසුවෙකුට ලකුණු නැවත පරීක්‍ෂාවක් කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඔක්තෝබර් 21 වැනිදාට පෙර අදාළ පාසලේ විදුහල්පතිවරුන් මගින් අභියාචනා ඉදිරිපත් කළ හැකිය. www.doenets.lk යන වෙබ් අඩවියෙන් විභාග ප්‍රතිඵල පිළිබඳ තොරතුරු ලබාගත හැකියි.

    grade51 px 900 19 10 06

     

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දහවල් නිකුත් කෙරේ (11.04)

    2019 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද දහවල් නිකුත් කෙරේ. ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරිමට අවශ්‍ය අවසන් කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව විභාග කොමසාරිස් සනත් පූජිත මහතා ජාතික රූපවාහිනියට පැවසිය. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 339,367ක් පෙනී සිටියේය.

    මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගොස්තු 04 වැනිදා පැවැත්විණ

    Last modified on ඉරිදා, 06 ඔක්තෝබර් 2019 12:58

    Latest News