ශිෂ්‍යත්ව ප්‍රතිඵල High-Speed දින 45න්

ඔක් 16, 2023
    පහ වසර ශිෂ්යත්ව විභාගය කිසිදු ගැටලුකාරි තත්ත්වයකින් තොරව ඊයේ (15) සාර්ථිකව අවසන් වූ බවත් විභාග ප්රතිඵල දින 45ක් ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවා.

     ශිෂ්යත්ව විභාගය අවසන් වීමෙන් අනතුරුව මාධ්යයට අදහස් දක්වමින් කොමසාරිස් ජනරාල්වරයා මේ බව කියා සිටියා.

    මේ අතර ශිෂ්යත්ව විභාගයේ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු මෙම 26වැනි දා සිට ආරම්භ කරන බව නියෝජ්ය විභාග කොමසාරිස් ලසික සමරකෝන් මහතා ඊයේ (15) ප්රකාශ කළා.
     
    මේ මස 31 වැනිදා දක්වා දින 6ක් පුරා ඇගැයීම් කටයුතු සිදු කර දින 45ක් වැනි කාලයක් තුළදී ප්රතිඵල නිකුත් කළ හැකි බව ද ඒ මහතා පැවසුවා.
     
    පහ වසර ශිෂ්යත්ව විභාගයේ සියලුම පිළිතුරු පත්ර අද (16) උදෑසන වන විට රට පුරා ප්රාදේශීය එක්රැස් කිරීමේ මධ්යස්ථාන මඟින් ශ්රී ලංකා විභාග දෙපාර්තමේන්තුවට ලැබීමට නියමිත යැයිද ඔහු පැවසුවා.
     
    රෝහල්වල ප්රතිකාර ලබමින් සිටි දරුවන් 11ක් ශිෂ්යත්ව විභාගය සඳහා ළඟම පිහිටි විභාග මධ්යස්ථානයට යොමු කළ බවත් මහරගම අපේක්ෂා රෝහලේ ප්රතිකාර ලබමින් සිටි දරුවන් 4කට රෝහලේ විභාග මධ්යස්ථානයක් පිහිට වූ බවත් ඔහු ප්රකාශ කළා.
     
    කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්රතිකාර ලබමින් සිටි දරුවන් 3ක් රෝහල⁣ට ළඟම විභාග මධ්යස්ථානය වූ බොරැල්ල කන්නන්ගර විද්යාලයටත්, මාතර මහ රෝහලේ සහ සමූපකාර රෝහලේ ප්රතිකාර ලබමින් සිටි දරුවන් 2ක් මාතර ශාන්ත තෝමස් විද්යාලයටත්, නිකවැරටිය රෝහලේ ප්රතිකාර ලැබූ දරුවෙක් නිකවැරටිය ජයන්ති විද්යාලයටත්, රාගම රෝහලේ ප්රතිකාර ලබමින් සිටි දරුවෙක් කඩවත ධර්මදර්ශි විද්යාලයටත් පහ වසර ශිෂ්යත්ව විභාගය සඳහා යොමු කළ බව ද ඔහු ප්රකාශ කළා.

    Latest News