සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි

ඔක් 06, 2019

    දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව අද දිනයේ ද තවදුරටත් ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    බොහෝ ප්‍රදේශවලට සවස 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ හටගනු ඇත. මධ්‍යම, සබරගමුව, උතුරු මැද, දකුණු සහ ඌව පළාත්වලත්, ත්‍රිකුණාමලය, මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාවවලට මිලිමිටර් 75ත්, 100ත් අතර තරමක තද වර්ෂාපතනයක් ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං දහ හටගනී. මන්නාරම සිට පුත්තලම සහ ගාල්ල හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. පුත්තලම සිට ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තද වැසි අපේක්‍ෂා කළ හැකි බව කාලගුණ නිවේදනයේ දැක්වේ. එවිට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝ මීටර 70ත්, 80ත් දක්වා තාවකාලිකව තද සුළං ඇතිවිය හැකියි. එම මුහුදු ප්‍රදේශ ද තාවකාලිකව ඉතා රළු විය හැකියි.

     

     

    Latest News