ජාතික ආරක්ෂාව සමගින් ජනතාව අතර නොකැඩෙන සබඳතාවක එකඟතාවක් අද සිට - UNF ජනපති අපේක්ෂක සජිත්ගෙන්

ඔක් 03, 2019

    අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිධූර අපේක්‍ෂකයා ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරිණ.

     

    ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා...

    “මේ රටේ ජනතාව වන ඔබත් මමත් අතර නිර්මාණය වන කිසිදාක නොකැඩෙන පොරොන්දු ඉටු කරන, පොදු ජනතාවට යුතුකම් ඉෂ්ඨ කරන පොදු ජනතාවට ශක්තිය ලබාදෙනවා සේම, පාක්‍ෂික-පාක්‍ෂිකාවන් ආරක්‍ෂා කරන දැවැන්ත සංවර්ධන සංග්‍රාමයක ආරම්භයේ පළමු පියවර තමයි මේ සමාජ ගිවිසුම. ජාතික ආරක්‍ෂාව ශක්තිමත් කරන්නට, ජාතික ආරක්‍ෂාව තහවුරු කරන්නට, විරෝධාර රණවිරුවන් , ත්‍රිවිධ හමුදාව, පොලිසිය නවීන පන්නයේ පුහුණුවට යොමු කරලා, නවීන යුද ආම්පන්න ලබාදීලා ඒ අයගේ බුද්ධිමය ක්‍රියාදාමයන් වැඩි දියුණු කරලා, නූතන ත්‍රස්තවාදය නූත අභියෝග ඒවාට මුහුණ දෙන්නට පුළුවන් නව ජාතික ආරක්‍ෂක රටාවක් අපි නිර්මාණය කරනවා මිත්‍රවරුණි. ඒ වගේම රණවිරු ප්‍රජාවට අභිමානවත් ලෙස තමන්ගේ රාජකාරී නිදහස්ව ක්‍රියාත්මක කරන යුගය අපි නිර්මාණය කරනවා මිත්‍රවරුණි. ඒ වගේම රට, දැය බේරගත්තු අපේ රණවිරු සුබසාධනයට අපි මුල්තැන ලබාදෙනවා. හැම මැතිවරණ කොට්ඨාසයකම පොදු ජනතාව අමතලා, පොදු ජන බලයෙන් මෙදාපාර පොදු ජන යුගය ආරම්භ කරන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 03 ඔක්තෝබර් 2019 20:42

    Latest News