උමා ඔය උමං මාර්ගයේ කැණීම් අවසන්

ඔක් 03, 2019

    උමා ඔය බහු කාර්ය ව්‍යාපෘතියේ ප්‍රධාන උමං මාර්ගයේ කැණීම් ඊයේ අවසන් කෙරිණ.

    සමස්ත ව්‍යාපෘතියට වැය කරන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 514ක්. බණ්ඩාරවෙල, කරඳගොල්ල සිට වැලිමඩ, ඩයරබා දක්වා ඉදි කෙරුණු උමං මාර්ගයේ මුළු දිග කිලෝ මීටර 15.4ක්. එය කොටස් දෙකකින් ඉදිවුණු අතර ප්‍රථම කොටසේ දිග කිලෝ මීටර 11.2ක් වේ. දෙවැනි කොටසේ දිග කිලෝ මීටර 4.2ක්. ප්‍රදේශ දෙකකින් කැණිම් ආරම්භ කෙරුණු උමඟ ඊයේ එකිනෙක සම්බන්ධ කෙරිණ. ව්‍යාපෘතියෙන් මෙගාවොට් 120ක විදුලි උත්පාදනයක් සිදු කිරීමට ද නියමිතයි. ප්‍රධාන බලාගාරය ඉදි කෙරෙන්නේ, කරඳගොල්ල ප්‍රදේශයේ. බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කවල ජනතාවට වාරි හා පානීය ජලය සැපයීම ද ව්‍යාපෘතියේ අරමුණයි.
    ඒ පිළිබඳ අදහස් දැක්වූ උමා ඔය බහුකාර්ය ව්‍යාපෘති අධ්‍යක්‍ෂ මහාචාර්ය සුනිල් ද සිල්වා මහතා...

    “2014 මාර්තු මාසයේ කැණීම් පටන් ගත්තේ මේ උමඟ උමං කඩන යන්ත්‍රයක් ලවා, කැණීම් කටයුතු පටන් ගත්තේ 2014 මාර්තු මාසේ. අවුරුදු පහකට වැඩි ප්‍රමාණයක් ගතවෙලා එම උමඟේ කැණීම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් වුණා. ඒ එක්කම කැණීම් කරගෙන යාමේදී ජලය කාන්දුවීම හේතු කොට ගෙන අපිට බොහෝ ප්‍රශ්නවලට මුහුණ පාන්න සිදුවුණා“ යැයි මහාචාර්ය සුනිල් ද සිල්වා මහතා පැවසීය.

    Latest News