එජාප අපේක්ෂකයා බදාදාට..කරූගේ නිවසේ දී තීරණයක්

සැප් 24, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් කථානායක නිල නිවසේ දී ඊයේ (23) රාත්‍රියේ පැවැත්විණ.

    සාකච්ජා රාත්‍රී 9.00ට පමණ ආරම්භ වූ අතර එය පැය 2.00කට ආසන්න කාලයක් පැවැත්විණ. කථානායක කරූ ජයසූරිය මහතාගේ නිල නිවසේ එය පැවැත්විණ. සාකච්ජාවේ දී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව හා වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව දීර්ඝව සාකච්ජා කළ බවත් එළැඹෙන බදාදා හෝ බ්‍රහස්පතින්දා යන දිනවල දී ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව දැනුම්දීමට හැකිවනු ඇති බව සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    මැතිවරණ කොමිසම් සභාවේ නීති රීති හේතුවෙන් මේ වන විට ආපදාවට ලක්ව ඇති ජනතාවට සේවය කිරීමට නොහැකි තත්වයක් මතුව ඇති බවත් ඒ පිළිබඳව තමන් කණගාටු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    Last modified on අඟහරුවාදා, 24 සැප්තැම්බර් 2019 08:47

    Latest News