අගමැති, කරු, සජිත්, රවී විශේෂ හමුවක්

සැප් 22, 2019

    එක්සත් ජාතික පක්‍ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා, කතානායක කරු ජයසුරිය මහතා සහ සජිත් ප්‍රේමදාස, රවී කරුණානායක යන අමාත්‍යවරුන් අතර සාකච්ජාවක් කතානායක නිල නිවසේදී අද පෙරවරුවේ පවත්වා තිබේ.

    මෙම සාකච්ජාව පැය එකහමාරකට ආසන්න කාලයක් පවත්වා ඇති අතර, ජනාධිපති අපේක්‍ෂකයා සහ ජනාධිපතිවරණයේ මෙහෙයුම් කටයුතු මෙහිදී සාකච්ජා වූ බව වාර්තාවේ. මේ අතර අද පස්වරුවේ ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර සාකච්ජාවක් පැවැත්වීමට නියමිතයි.

    Last modified on ඉරිදා, 22 සැප්තැම්බර් 2019 13:12

    Latest News