නිරිත දිග වැසි වැඩිවීමක්

සැප් 22, 2019

    දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේ අපේක්‍ෂා කරන බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ හටගැනීමේ හැකියාවක් පවතී. මිලිමීටර 150ක පමණ තද වර්ෂාපතනයක් දකුණ, සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවල පවතිනු ඇත. සවස් කාලයේ දිවයිනේ සෙසු ප්‍රදේශවල වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. ඌව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75කට වැඩි තරමක තද වර්ෂාපතනයක් පැවතිය හැකියි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍ර දේශවල තාවකාලිකව තද සුළං ඇතිවේ. අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

    Latest News