වතුකම්කරුවන්ට බඹර ප්‍රහාරයක්

සැප් 21, 2019

    බගවන්තලාව කිලානි වතුයායේ තේ දළු නෙලමින් සිටි කම්කරු කාන්තාවන් සිව්දෙනෙකුට සහ කම්කරුවෙකුට අද පස්වරු 1.00 ට පමණ බඹර ප්‍රහාරයක් එල්ලවී තිබේ.

    මෙම බඹර ප්‍රහාරයට ලක්වු වතුකම්කරුවන් පස්දෙනෙක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කළ බව බගවන්තලාව පොලීසිය පවසයි.

    තේ වත්තේ ගසක් මැද බැද තිබු බඹර කූඩුවක් එක්වර ඇවිස්සී තමන්ට බඹරුන් පහරදුන් බව ප්‍රහාරයට ලක්ව ප්‍රතිකාර ලබන වතුකම්කරුවන් කියා සිටියේය.

     

    Latest News