හබරණ මොරගස්වැව මාර්ගයේ මාරක අනතුරක්

සැප් 18, 2019

    හබරණ මොරගස්වැව මාර්ගයේ වැවන් රියක් හා ත්‍රිරෝද රථයක් ගැටී සිදුවු අනතුරකින් එක් අයෙක් මිය යයි.

    මියගොස් ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් අයෙක් වන අතර තවත් සිව්දෙනෙක් බරපතල තුවාල ලබා හබරණ ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු දඹුල්ල මහ රෝහල වෙත මාරු කර යැවූ බව හබරණ පොලීසිය පැවසීය.

    හබරණ සිට පොලොන්නරුව දෙසට ධාවනය වූ ත්‍රිරෝදරථයක් හා පොලොන්නරුව දෙස සිට හබරණ දෙසට ධාවනය වූ වෑන් රථයක් මෙලෙස ගැටී තිබේ. ත්‍රිරෝද රථයේ සිදුවූ කාර්මික දෝශයක් හේතුවෙන් මෙම අනතුර සිදුවූවාදැයි හබරණ පොලීසිය පරීක්ෂණ සිදුකරයි.

    ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයින් ජයන්තිපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර එහි කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සිට තිබේ. 41 හැවැරිදි එහි රියදුරු සිදුවු අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත. වෑන් රථය පැදවූ රියදුරු යුද හමුදාවේ සේවය කරන පුද්ගලයෙක් වන අතර ඔහු මේ වන විට හබරණ පොලීසිය මගින් අත්අඩංගඅවට ගෙන තිබේ.

    Latest News