පා.ම. ජොන්ස්ටන්ගේ සතොසට එරෙහි නඩුවේ කරුණු විභාගයට දින නියමවේ

සැප් 16, 2019

    පසුගිය රජය සමයේ ස.තො.ස ආයතනයේ සේවකයින් 153 දෙනෙක් නිල රාජකාරීයෙන් බැහැරව දේශපාලන කටයුතු වලට යොදවා ගැනීමට එරෙහිව අල්ලස් කොමිසමේ නඩුව විභාගයට ගැනීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ගෙන ඇති තීරණය නීති විරෝධී යැයි පවසන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම ඔක්තොම්බර් 04 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කලේය.

    මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබිණ.

    එහිදී විනිසුරුවරයා නියෝග කළේ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මස 04 වනදා කැඳවන ලෙසයි.

    ස.තො.ස ආයතනයේ සේවකයන් 153 දෙනෙකු දේශපාලන ක්‍රියාකාරකම්වල යොදවා ගැනීම තුළින් රජයට රුපියල් කෝටි හතරක පාඩුවක් සිදු කළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කර ඇති බව ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා සිය පෙත්සමෙන් කියා සිටි. එම නඩුව ගොනුකර ඇති අන්දම නීතිවිරෝධී බව සඳහන් කරමින් තම නීතිඥවරු මූලික විරෝධතාවක් ඉදිරිපත් කලත් එය ප්‍රතික්ෂේප කොට නඩුව දිගටම විභාග කිරීමට මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇති බව ඔහු කියා සිටි.

    මහේස්ත්‍රාත් අධිකරණයේ එම තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කොට එම චෝදනාවලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන මෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා කොළඹ මහාධිකරණය ඉල්ලා තිබේ.

    Last modified on සදුදා, 16 සැප්තැම්බර් 2019 12:26

    Latest News