ජනාධිපතිවරණය කැඳවීම තීරණය මැතිවරණ කොමිසමෙන්; මහින්ද දේශප්‍රිය

සැප් 13, 2019

    ජනාධිපති මැතිවරණය කැඳවීම තීරණය කරනු ලබන්නේ දේශපාලන පක්‍ෂ නොව මැතිවරණ කොමිසන් සභාව බව එහි සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා....

    “සැප්තැම්බර් මස 15 වැනිදා ඉරිදා දවසක්. අපිට නිකුත් කරන්න පුලුවන් දවස සැප්.16. අපි නමුත් දිගටම කිව්වා නිකුත් කරන්න පුලුවන් ළඟම දිනයේ දී අපි නිකුත් කරන්නේ නැහැ. අපි ඒ ගැන කොමිෂන් සභාව තීරණය කරලා ඒ සුදුසු දිනයක නිකුත් කරනවා කියලා. ඒ දිනය සැප්. 16 වැනිදා ඉඳලා ඔක්. 15 වැනිදා වෙනකම් තියෙන මාසයක් ඇතුළත වෙන්න පුලුවන්. ඒ දිනය තීරණය කිරිමේ බලය තියෙන්නේ කොමිෂන් සභාවට. නාම යෝජනා කැඳවීමේ දැන්වීම ඔක්. 16 වැනිදායි පස්සේ ඕනෑම දිනයක නිකුත් කෙරෙනවා. හැබැයි ඒ ඔක්. මාසයේ ඈතකට යන්නේ නැහැ. අපි හිතුවොත් අපට පුලුවන් කියලා සැප්. මාසේ ඉවර වෙන කොටවත් අපි මේක නිකුත් කරන්න බලාපොරොත්තු වෙනවා“ යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    Last modified on සෙනසුරාදා, 14 සැප්තැම්බර් 2019 09:50

    Latest News