මොරටු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨය ලබන වසරේ ආරම්භ කිරිමේ සැලසුමක්

සැප් 13, 2019

    මොරටුව කටුබැද්ද විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කිරීම සම්බන්ධව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද දහවල් (10) පැවැත්විනි.

    සෞඛ්‍ය අමාත්‍යංශයේ ශ්‍රවණාගාරයේ දී පැවති එම සාකච්ඡාවට මොරටුව විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කපිල පෙරේරා මහතා, උසස් අධ්‍යාපන අමාත්‍යංශය, ජාතික ප්‍රසම්පාදන දෙපාර්තමේන්තුව, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව, පානදුර හා කළුතර මූලික රෝහල් වල අධ්‍යක්ෂවරුන් සහ සෞඛ්‍ය අමාත්‍යංශයේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගී වුහ.

    මොරටුව කටුබැද්ද විශ්ව විද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබා දීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කර ඇත. ඉඩම් අත්පත්කර ගැනීම මේ වන විට සිදුවෙමින් පවතී. කළුතර මහරෝහල හා පානදුර මහ රෝහල ශික්ෂණ රෝහල් ලෙසින් සංවර්ධනය කර මෙම නව වෛද්‍ය පීඨයේ රෝහල් ලෙස ලබා දීමට නියමිතයි. 2020 සැප්තැම්බර් 1 වන දා වන විට පළමු සිසු ඛාණ්ඩය ලෙස සිසුන් 60 දෙනෙකුගෙන් නව වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. එය උපරිමය සිසුන් 150 දක්වා වැඩි කිරීම සිදුවේ.

    රුපියල් මිලියන 8000 ක ආයෝජනයකින් ඉදිකිරීමට නියමිත නව වෛද්‍ය පීඨයේ ඉදිකිරීම් සදහා කුවේට් ආධාර ලබාගැනීම සදහා අවධානය යොමු වු බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

    Latest News