ශ්‍රී ලංකන් ගුවන් සේවය MacBook Pro රැගෙන යාම තහනම් කරයි

සැප් 13, 2019

    ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිනි ආරක්ෂණ අවදානම හේතුවෙන් නැවත කැඳවන ලද ඇපල් මැක්බුක් ප්‍රෝ ලැප්ටොප් භාණ්ඩ ප්‍රවාහනය කිරීම සහ ගමන් මලු තුළ රැගෙන යාම තහනම් කර තිබේ.

    අඟල් 15 මැක්බුක් ප්‍රෝ ඒකක සීමිත සංඛ්‍යාවක බැටරිය අධික ලෙස ගිනි ගැනීමේ අනාරක්ෂිත තත්වයක් නිර්මාණය වී ඇතැයි, වාර්තා වේ.

    බලපෑමට ලක්වූ එම උපකරණ නිෂ්පාදනය වී ඇත්තේ, 2015 සැප්තැම්බර් සිට 2017 පෙබරවාරි දක්වා කාලය තුළයි.

    බලපෑමට ලක් වූ ලැප්ටොප් පරිගණක වල බැටරිය අධික ලෙස රත්වීම හා ඉදිමීමට ලක්ව ගිනි ගැනීමට ලක්විය හැකි බව, ඇපල් සමාගම පවසනවා.

    නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය මගීන්ගෙන් ඉල්ලා සිටින්නේ, ආරක්ෂිත පියවරක් ලෙස ඇපල් සමාගම නැවත කැඳවීමෙන් ඔවුන්ගේ උපාංග වලට බලපෑමක් තිබේද යන්න තහවුරු කර ගන්නා තුරු මගීන් රැගෙන යන අඟල් 15 මැක්බුක් ප්‍රෝ උපකරණය පරීක්ෂාවට ලක් කරන බවයි.

    පරීක්ෂා කිරීමේදී යම් හෙයකින් එම උපකරණයන් හී බැටරියෙහි පවතින තත්වය මත අනාරක්ෂිත බව තහවුරු වූයේ නම්, එම භාණ්ඩ රැගෙන යාමට ඉඩ නොදෙන බව ද පැවසේ.

    වැඩි විස්තර සඳහා ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් පැය 24 සම්බන්ධතාව වන +94 117 771 979 අංකයෙන් සම්බන්ධතා මධ්‍යස්ථානය අමතා විස්තර ලබා ගත හැකියි.

    Latest News