කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරින් වැඩ වර්ජනයක

සැප් 12, 2019

    ශ්‍රි ලංකා කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරින් දිවයින පුරා සංකේත වැඩ වර්ජනයක ආරම්භ කර තිබේ.

    මේ අනුව ගොවිජන සේවා දෙපාර්තුමේන්තුව යටතේ සේවයේ නිරත කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර නිලධාරින් ඊයේ (11) සිට 18 වෙනි දින දක්වා අසනිප නිවාඩු වාර්තා කරමින් සංකේත වැඩ වර්ජනයක නිරතව සිටින බව ශ්‍රි ලංකා කෘෂිකර්ම පර්යේෂණ සහ නිෂ්පාදන සහකාර සංගමයේ නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කමල් පුෂ්පතිලක මහතා පැවසීය.

    දිවයින පුරා තම සංගමයේ සමාජිකයන් අටදහසක පමණ සේවයේ නිරතව සිටින බවත්, නුවරඑලිය දිස්ත්‍රික්කය තුල පමණක් නිෂ්පාදන සහකාර නිලධාරින් 340 කට ආසන්න පිරිසක් සේවයේ නිරතව සිටින බව ඔහු පෙන්වාදුනී. උසස්විම් ලබාදිම් ඇතුළු රාජකාරි ගැටළු ගණනාවක් සම්බන්ධයෙන් ගොවිජන සංවර්ධන කොමසාරිස් ජෙනරාල්වරයා සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වුවත් විසදුමක් නොලැබුණ බව ඔහු කියා සිටියේය.

    සිය ඉල්ලිම් වලට 18 දින වන විට විසදුමක් නොලදහොත් 18 එදින සිට දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එලඹිමට කටයුතු කර ඇති බව කමල් පුෂ්පතිලක මහතා අවධාරනය කළේය.

    Latest News