කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ගින්නක්

සැප් 12, 2019

    කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ කාමරයේ අද (12) දින පෙරවරු 11.35ට පමණ ගින්නක් හටගෙන තිබේ.

    ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ රථයක් කැඳවා ඇති අතර අනුරාධපුර පොලීස් අධිකාරීයේ අධික්ෂණය යටතේ විමර්ෂනයක් වහාම ආරම්භ කර ඇත.

    රජයේ රස පරීක්ෂක ද එම ස්ථානයට කැඳවීමට කටයුතු කරන බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 සැප්තැම්බර් 2019 13:41

    Latest News