නව පාසල් වාරය ඇරඹේ

ජන 03, 2022

    රජය සහ රජය අනුමත සියලු පාසල්වල අධ්‍යයන කටයුතු අද ආරම්භ කෙරිණ. පාසැල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව පාසැල් කටයුතු පවත්වාගෙන යා යුතු බවට බලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ.

    දෙසැම්බර් මස 23 වැනිදා පාසල් සඳහා නිවාඩු ලබාදීමට පියවර ගැණුනු අතර අද දිනයේ සිට සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකුලව යළි පාසල් පවත්වාගෙන යාමට බලධාරීන්ට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේය.

    පාසල් අද දිනයේ සිට ආරම්භ කළද 2021 අධ්‍යයන වර්ෂය ලබන අප්‍රේල් මස 08 වැනි දින දක්වා ක්‍රියාත්මක වන බැවින් ශ්‍රේණි උසස් කිරීමක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යංශය අවධාරණය කළේය.

    එමෙන්ම පාසල් ආරම්භ කර පවත්වාගෙන යාමේදී 27ට වැඩි සිසුන් පිරිසක් සිටින පන්ති කාමරවල අධ්‍යයන කටයුතු සඳහා කොටස් වශයෙන් සිසුන් කැඳවීමට උපදෙස් ලබාදී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පැවසීය.

    Last modified on සදුදා, 03 ජනවාරි 2022 12:02

    Latest News