වතු අධිකාරිය නියෝගයක් ප්‍රතික්ෂේප කිරිමෙන් නොසන්සුන්තාවක්

මාර් 28, 2019

    ටිලරි වතුයායේ අධිකාරි විසින් නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ නියෝගය සහිත ලිපියක් බාර ගැනිම ප්‍රතික්ෂේප කිරිම මුල්කර ඔහුගේ නිළ නිවස ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා, මන්ත්‍රීවරුන් සහ වතු කම්කරුවන් අද (28) වටලා තිබේ.

    ටිලරි වතු යායේ ඉහල කදු මුදුණේ සිට ගලා බසිනා ජල මුලාශයක් හරස් කර තේ නිෂ්පාදන කර්මාන්ත ශාලාවකට ජලය ලබා ගැනිම සම්බන්ධයෙන් වතු කම්කරුවන් සහ වතු පාලන අධිකාරි අතර මත භේදයක් ඊට මුල්වි ඇත.

    වතු කම්කරුවන් නොර්වුඩ් ප්‍රාදේශිය සභාවට කළ පැමිණිල්ල අනුව එහි සභාපති රවි කොලුන්දුවෙල් මහතා ඇතුළු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුන් එම ගැටව විසදිමට ඉදිරිපත්වි තිබේ.

    ටිලරි වතුයායේ සිට ගලා බසිනා ජල මුලාශ හරස් කර වතු ගණනාවක ජනතාව පානිය ජලය ලබා ගනී. තේ කර්මාන්ත ශාලාවට ජලය ලබා ගැනිමෙන් පානිය ජල ගැටළු ඇති වන බව පවසමින් වතුකම්කරුවන් විරෝධය පලකර සිටිති.

    හැටන් සාංචිමලේ මාර්ගය අවහිර කර ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා, නියෝජිතයින් සහ වතු කම්කරුවන් උද්ඝෝෂනය නිරතවිණ. එහිදි පොලිසිය සහ ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා අතර නොසන්සුන්කාරි තත්ත්වයක්ද ඇතිවි තිබේ. ප්‍රාදේශිය සභාව සතු බලය අනුව ජල ව්‍යපෘතිය නතර කිරිමට දුන් ලිඛිතව නියෝගයක් වතු අධිකාරිවරයා විසින් ප්‍රතික්ෂේප කිරිම හේතුවෙන් මෙම නොසන්සුන්කාරි තත්ත්වය උග්‍රවු බව අප වාර්තාකරු පවසයි.

    පොලිසියේ මැදිහත්විමක් මත එම නියෝගය වතු අධිකාරිවරයාට භාරදිමෙන් අනතුරුව වතු කම්කරුවන් සිය විරෝධතාව අත්හැර තිබේ.

    Latest News