ජනතා පැතුම වු ජාතික ආරක්ෂාවට මුල්තැන: හමුදාපති නුවරදී (විඩියෝ)

සැප් 07, 2019

    ජනතා ආරක්ෂාව වෙනුවෙන් කැපවී ක්‍රියා කරන බවට තමා සහතික වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

    යුධ හමුදාපතිවරයා මෙම අදහස් පල කළේ යුද හමුදාව සහ විදේශිය හමුදා සහභාගිත්වයෙන් පැවැත්වෙන “දියකාවා”පුහුණු අභ්‍යාසයේ මහනුවර පැවති පුහුණු වැඩසටහනකට එක්වෙමිනි.

    ශ්‍රී ලංකාව යුද්ධයක් ජයගත් හමුදාවක් ලෙස විශාල අත්දැකීම් ප්‍රමාණයක් සතුව ඇති බවත් එය අනෙක් රටවල් හා බෙදා ගැනිමත් අද දවසේ ඇති ප්‍රබල කාර්යක් වේ. එමෙන්ම අද වන විට ලෝකයේ රටවල් සමුහ වශයෙන් එක්වි ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන බැවින් මෙවැනි මෙහේයුම් අවශ්‍ය බව ඔහු කියා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා ප්‍රකාශ කළේ පසුගිය සමයේ ජාතික ආරක්ෂාවට තර්ජනය වන ආකාරයෙන් සිදුවු සිදුවීම්වලට අදාළ සැකකරුවන් බුද්ධි තොරතුරු ඔස්සේ යමින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි.

    ඒ හා සම්බන්ධ කිසිදු පුද්ගලයෙකුට නිඳැල්ලේ සිටීමට ඉඩ නොතබන බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. එය එක් දිනකින් හෝ මාස ගණනක් හො අවුරුදු ගණනාවක් ගෙවි ගොස් සිදුවිය හැකි බව ඔහු පෙන්වාදේ. අපරාධ වලට සම්බන්ධව යුදහමුදාව ක්‍රියාත්මකවිම ඉතාමත් අවශ්‍ය බවත් එය අඛණ්ඩව සිදුවන බවත් ශවේන්ද්‍ර සිල්වා අවධාරනය කළේය. මෙය අභියෝගයක් හෝ භිතියට පත්විය යුතු කාරණයක් නොවන බවත් ඔහු පෙන්වා දුනී. එය යුදහමුදාවේ වගකීම සහ කාර්භායක් බවත් හෙ‍ෙතම පැවසීය.

    ජනාධිපතිවරයා විසින් අභියෝග රැසක් මධ්‍යයේ තමන්ව යුද හමුදාපති ලෙස පත් කළ බව පැවසු ඒ මහතා ජනාධිපතිවරයා බලාපොරොත්තු වු ලෙස ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කිරීමට බලාපොරොත්තු වන බවත් ප්‍රකාශ කළේය. ඒ සඳහා යුද්ධ හමුදාවේ දක්ෂ පළ පුරුදු නිලධාරීන් එක්ව ජාතික ආරක්ෂාව උපරිමයෙන් තබා ගැනීමට අවශ්‍ය කරුණු පිළිබඳ සාකච්ඡා කරන බවත් රටේ ජනතාවට සාමකාමී පරිසරයක් බිහි කිරීමට කළ යුතු සෑම ක්‍රියාවක්ම සිදු කරන බවත් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

     

    Last modified on සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2019 19:38

    Latest News