පාසල් ගොඩනැගිලි 500ක් ජාතික අධ්‍යාපන පද්ධතියට (වීඩියෝ)

සැප් 07, 2019

    නවීන පහසුකම්වලින් සමන්විත පාසල් ගොඩනැගිලි 500ක් ජාතික අධ්‍යාපන පද්ධතියට එක් කෙරේ.

    ඒ “ළඟම පාසල හොඳම පාසල“වැඩසටහන යටතේ. පහසුකම් සපිරි පාසල් පද්ධතියක් දැයේ දරුවන්ට දායාද කිරීම ව්‍යාපෘතියේ අරමුණයි. ඊට වැය කෙරෙන මුදල රුපියල් මිලියන දස දහසක්. 2016 ආරම්භ කෙරුණු “ළඟම පාසල හොඳම පාසල“ සංවර්ධන වැඩසටහන යටතේ පාසල් 9,064ක ව්‍යාපෘති 18,000ක් ක්‍රියාත්මක කර තිබේ. එහි සමස්ත ආයෝජනය රුපියල් මිලියන හැට පන් දහසක්. වැඩසටහනට සමගාමීව කහතුඩුව, වෙනිවැල්කොළ ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික ආයතනය ද ලබන 9 වැනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිසු අයිතියට පැවරේ. “ළඟම පාසල හොඳම පාසල“ වැඩසටහන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාවට නැංවේ.

    Last modified on සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2019 20:27

    Latest News