එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ආයෝජකයන් සොයන සංහිඳයාවේ පාලමයි (වීඩියෝ)

සැප් 07, 2019

    අලුත් ව්‍යවසායකයින් දිරිමත් කරන එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යාපනයේ දී අද ආරම්භ විය.

    ලබන 10 වැනිදා දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ. අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රදර්ශන භූමියේ නිරීක්‍ෂණ චාරිකාවක නිරතවිය. දිවයින පුරා ව්‍යවසායකයින් ලක්ෂයක් බිහිකිරීමේ අරමුණින් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය පැවැත්වේ. රාජ්‍ය බැංකු, පෞද්ගලික ආයතන, මිලදී ගන්නන්, ඉල්ලුම්කරුවන්, සැපයුම්කරුවන් ප්‍රදර්ශන භූමිය තුළ ක්‍රියාත්මකව සිටිති. ණය ලබාගැනීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අවශ්‍ය උපදෙස් සහ ඒ සඳහා වෙළෙඳ පොළ සොයා ගැනීමේ උපදෙස් ද මෙහිදී නව ආයෝජකයින්ට පිරිනැමේ.

    එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා.....

    "රටේ වෙනත් ප්‍රදේශවල දියුණුවට ඇති කැමැත්ත යාපනය ප්‍රදේශයේත් පවතිනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අපි සලකන්නේ නව ආයෝජනකයන් සොයා ගැනිම සඳහා සංහිඳයාවේ පාලම ලෙසයි. රට සංවර්ධනයෙන් ඉදිරියට යනවා. එහි වාසිය මේ ප්‍රදේශවලටත් ලබාදෙන්න අවශ්‍යයි. ඒ සඳහා අපි රටේ සාමයක් ආරක්ෂා කළ යුතුයි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය ආරම්භක අවස්ථාවට අමාත්‍ය මංගල සමරවීර සහ එම්.ඒ. සුමන්දිරන් මහතා ඇතුලු උතුරු පළාතේ මැති-ඇමතිවරුන් පිරිසක් සහභාගි වූහ.

    Last modified on සෙනසුරාදා, 07 සැප්තැම්බර් 2019 20:31

    Latest News