ලක්ෂ 5කට ID නෑ..87%වතුකරයෙන්

සැප් 05, 2019

    මෙරට පුද්ගලයින් ලක්ෂ 5ක පමණ පිරිසකට ජාතික හැඳුනුම්පත් නොමැති බව, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය පවසයි.

    එම කේන්ද්‍රය සිදුකළ අධ්‍යයනයක දීයි මෙම තොරතුරු අනාවරණය වුණේ. මෙම පිරිස අතරෙන් ලක්ෂයක් පමණ ජනතාවක් සිය අන්‍යනතාවය සැඟවීමේ අරමුණෙන් හැඳුනුම්පත් ඉදිරිපත් නොකරන බව, අධ්‍යයනයේ දී හෙළිවී තිබේ. තවත් ලක්ෂ 4ක පමණ පිරිසකට විවිධ හේතූන් මත හැඳුනුම්පත් නොමැති බව ද තවත් කරුණක් බව මානව හිමිකම් කේන්ද්‍රයේ වැඩබලන විධායක අධ්‍යක්ෂ සුරංගි ආරියවංශ මහත්මිය පවසයි.

    ජාතික හැඳුනුම්පත ලබාගැනීම සඳහා අවශ්‍ය  මූලික ලියකියවිලි සම්පාදනය කරගත නොහැකිවීම, ස්ථීර ලිපිනයක් නොමැතිවීම, හැඳුනුම්පත අස්ථානගතවීම ආදී විවිධ හේතූන් මතයි, මෙම පිරිසට හැඳුනුම්පත් ලබාගැනීමට නොහැකිව ඇත්තේ. හැඳුනුම්පත් නොමැති පිරිස අතුරෙන් 87%ක්ම, වතුකරයේ හා ග්‍රාමීය ප්‍රදේශවල ජීවත්වන්නන්. මේ අතර ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා අවම ලියකියවිලි ලබාගැනීමේ ක්‍රමවේදයක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ. ඒ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින්.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 10:03

    Latest News