නුවරඑළිය ත්‍රීරෝද රථවලට විශේෂ ස්ටිකරයක්

සැප් 05, 2019

    නුවරඑළිය නගරයේ ඇති ත්‍රීරෝද රථ හඳුනාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබේ.

    ඒ අනූව, ඔවුන්ට විශේෂ ස්ටිකරයක් ලබා දීමට නුවරඑළිය මහනගර සභාව කටයුතු කළේය. මෙම ත්‍රීරෝද රථවල ගමන් ගන්නා දෙස් විදෙස් සංචාරකයින්ට මෙම ස්ටිකරය හොඳින් දර්ශනය වන පරිදි ප්‍රදර්ශනය කළ යුතුයි. එම රථ යම් කිසි නීති විරෝධී කටයුත්තක නියැලුණහොත් පොලීසියට හෝ නුවරඑළිය මහ නගර සභාවට දැනුම්දීමට ඒ අනූව හැකිවෙයි.

    ස්ටිකරයට වැදගත් ස්ථානවල දුරකථන අංක මෙන්ම රියදුරාගේ නම සහිත ඡායාරූපය ද ඇතුළත්. නුවරඑළිය නගරය තුළ ත්‍රීරෝද රථගාල් 42ක් මේ වන විට ක්‍රියාත්මක අතර ත්‍රීරෝද රථ 520ක් ඊට අයත්. ත්‍රීරෝද රථවලට ස්ටිකර ලබාදීමේ අවස්ථාවට නුවරඑළිය නගරාධිපති චන්දන ලාල් කරුණාරත්න, නාගරික කොමසාරිස් සුබෝධා බෝධිමාන යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 10:04

    Latest News